ඉන්දීය ධීවරයන් පස් දෙනෙකු ටෝලර් යාත්රාවක් සමඟ අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප්රකාශ කළා.
උතුරුමැද නාවික විධානයට අයත් කණ්ඩායමක් අරිප්පු ප්රදේශයේදී වැටලීම සිදුකර තිබෙනවා. ධීවරයන් පිරිස සහ යාත්රාව වැඩිදුර විමර්ශන සඳහා මන්නාරම සහකාර ධීවර අධ්යක්ෂ වෙත භාරදීමටයි නියමිත.
නීතිවිරෝධීව ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවරයන් 13 දෙනෙකු පසුගිය 20 වෙනිදා ද මෙවැනි වැටලීමකින් අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.