ජනතාවට අඩු මිලට විදුලිය ලබාදීම රජයේ උත්සාහය බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. විදුලිබල මණ්ඩලය සෑම අතකින්ම දියුණු කිරීම ද තම අපේක්ෂාව බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.
කෙරවලපිටියේ ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 300 විදුලි බලාගාරයේ ටෙන්ඩර් ප්රදානය විදුලිබල අමාත්‍යාංශයේදී සිදුවුණා. මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා මෙන්ම එහි ගැටලු පිළිබදව මෙහිදී සංවාදයක් ද පැවැත්වීමටයි කටයුතු යොදා තිබුණේ. රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/CgVJJriMIIE”]