සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන රංජිත් තිලකරත්න නොහොත් අල රංජි නැමැත්තා කොළඹ ගුණසිංහපුර දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකින්. අල රංජි නැමැත්තා කෙසෙල්වත්ත දිනුකගේ මාමණ්ඩිය බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කළේ. ඔහු ළඟ තිබි හෙරොයින් මත්කුඩු ගෑම් තුනක් සහ මන්නා පිහි දෙකක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරු මුදල් බලෙන් ලබා ගැනිමේ සිද්ධි ගණනාවකටම සම්බන්ධ අයෙකු බවටයි හෙළිවි තිබෙන්නෙ. 57 හැවිරිදි ඔහු කොලඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අල රංජි නැමැත්තා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදි තිබෙනවා. ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බවත් පොලිසිය සදහන් කළා.