අන්තර් විශ්විවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කළ විරෝධතාවක් සහ පාගමනක් අද(21) පැවැත්වුණා.
අග්නිදිග විශ්වවිද්‍යාලයේ පවතින ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සහ විශ්වවිද්‍යාල කිහිපයක සිසුන් පිරිසකගේ පන්ති තහනම් කිරීමේ සිද්ධිවලට එරෙහිවයි මෙම විරෝධතාව සංවිධාන කර තිබුණේ. පාගමනින් පැමිණි විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වීමට උත්සාහ දැරීමේදී පොලිසියට ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට සිදුවුණා.
විරෝධතාකරුවන් ඉදිරියට පැමිණීම වැළැක්වීම සදහා යෙදූ මාර්ග බාධක ද බිද දමමින් කටයුතු කිරීම හේතුවෙනුයි පොලිසියට මෙම ප්‍රහාරය එල්ල කිරීමට සිදුවුණේ. අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ සිසුන්ගේ පා ගමන හේතුවෙන් දැඩි රථවාහන තද බදයක් ඇතිවී තිබුණා.