ප්රජාතන්ත්රවාදය පිළිබද සමාජ කතිකාවක් ඇතිකිරීමේ අරමුණෙන් මැතිවරණ කොමිෂන් සභාව, අධ්‍යාපන අමාත්‍යාංශය හා කැලණිය විශ්වවිද්‍යාලය එක්ව නව වැඩපිළිවෙළක් ආරම්භ කළා. ඒ මේ පිලිබද දැනුවත් කිරීමට පෞර නමින් කෙටි චිත්‍රපට උළෙලක් පැවැත්වීමයි.
විවෘත හා පාසල් යන අංශ දෙකක් යටතේ එය පැවැත්වීමට නියමිතයි. ජයග්‍රාහකයන් සදහා ත්‍යාග පිරිනැමීමට සැළසුම්කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව ඇමතීමෙන් හෝ එහි නිල වෙබ් අඩවියට පිවිසීමෙන් විස්තර ලබාගත හැකියි. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් වන අරුණ ලොකුලියන, දර්ශන සෝමරත්න යන මහත්වරුන් ඇතුළු නියෝජිත පිරිසකගේ සහභාගීත්වයෙන් මේ පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පැවැත්වුණා.