වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක බව අමාත්‍ය පී හැරිසන් මහතා ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් සී මුතුකුමාරණ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිලිතුරු ලබාදෙමින්. ගොවීන්ට පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාb මාර්ග ගෙන ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. වී ගොවීන් සඳහා පොහොර නොමිලේ ලබාදීම සඳහා අයවැයට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවත්, පී හැරිසන් මහතා සඳහන් කළා.
වතු කම්කරුවන්ගේ ගැටලු සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තුවේදී අවධානයට ලක්වුණා. ඒවා විසඳීම සඳහා වෙනම අංශයක් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති බවයි අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා සඳහන් කළේ. ව්‍යවස්ථාදායක සභාව පිලිබද විවාදයයි අද පැවැත්වෙන්නේ.