රජයේ ඖෂධ ප්‍රතිපත්තිය හේතුවෙන් වසරකට රුපියල් මිලියන 15000 ක් රජයට ඉතිරි කර ගත හැකි බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. ඖෂධ දේශීයව නිපදවීම සදහා කර්මාන්තශාලා 15 ක් ආරම්භ කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/9QENZze7JhI”]
මීරිගම රෝහලේ නව සායනික සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළා. මේ සදහා වැය කෙරෙන මුදල් රුපියල් මිලියන 564 ක්. නවීන් පහසුකම්වලින් යුක්තවයි මෙය ඉදි කෙරෙන්නේ. රුපියල් මිලියන පන්සියක් වටිනා නවීන තාක්ෂණ උපකරණ ද මේ සදහා ලබා දීමට නියමිතයි. කථානායක කරූ ජයසූරිය රාජ්‍ය අමාත්‍ය පයිසාල් කාසිම් මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.