එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ උසස් පෙල සමතුන්ට ලබා දෙන රුපියල් ලක්ෂ 08 ණය මුදල් ලබන මාසයේ සිට රුපියල් ලක්ෂ 10 දක්වා වැඩිකරන බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.
මාතර දම්පහල මහා විද්‍යාලයේ පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.
මාතර දම්පහල මහා විද්‍යාලයේ නව ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කෙරුණේ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ සදහා රුපියල් ලක්ෂ 54 ක් පමණ වැය කර තිබෙනවා.
විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සදහා පන්ති කාමයක්ද ඊට ඇතුළත්.
සියලු පහසුකම්වලින් සමන්විතවයි නව ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ. හක්මන එක්සත් ජාතික පක්ෂ සංවිධායක පළාත් සභා මන්ත්‍රී රංජිත් මුණසිංහ මහතා ඇතුළු තවත් ජනතා නියෝජිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.