සවුදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු එරට සිටින ඉන්දීය සිරකරුවන් 850 දෙනෙකු මුදා හැරීමට නියෝග කර තිබෙනවා.
සල්මාන් කුමරු මෙම නියෝගය ලබා දී ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ඉල්ලීමකට අනුවයි.
සල්මාන් කුමරු ඊයේ දිනයේදී දෙදින නිල සංචාරයක් සදහා ඉන්දියාවට පැමිණි අවස්ථාවේදී අගමැති නරේන්ද්‍ර මෝදි හමු වුණා.
හජ්ජි වන්දනාව සදහා ඉන්දියාවෙන් පැමිණෙන බැතිමතුන් සංඛ්‍යාව ලක්ෂ දෙක දක්වා වැඩිකිරීමටද එහිදී සාකච්ඡා කර තිබෙන බවයි ඉන්දීය වාර්තා සදහන් කරන්නේ.