Life+News The Official News Portal of Independent Television Network Ltd

නුදුටු තැන්වල ආදරේ සොයන “කන්දක් සේමා” සිනමානුවර්ථනය

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2019 15:07

නුදුටු තැන්වල ආදරේ සොයන “කන්දක් සේමා” සිනමානුවර්ථනය

නුපා සහ සොරා සාන් දෙන්න දෙන්නට හරි ලෙන්ගතුයි. ඒ කියන්නේ නිරෝෂා සහ කොබයෂි අයකො. මම මේ කියන්න යන්නේ මීට වසර කිහිපයකට කලින් පෙර BMICHහි පොත් ප්‍රදර්ශන කුටියක බෙදාදීමට කන්දක් සේමා නම් වූ සියලුම සම්මාන ලද නවකතාව ගැන,

ඒ්ත් දැන් ඉතිං අපි කතාකරමු  කන්දක් සේමා  ෙපාත ඇසුරින් නිර්මාණය කළ අපූරු සිනමාපටය ගැන. ඒ කියන්නේ  ඔෂින් ඉන්න එක ගැන, ජපානයේ රුගත කළ , නිරෝෂා සහ ජපන් නළු ජුන් ඉතොගේ විශිෂ්ට රංගනය සහිත සිනමාපටය ගැන.

කන්දක් සේමා පොත රචනා කරන්නේ   සුමිත්‍රා රාහුබද්ධ ලේඛිකාවයි. එසේ ලියු නවකතාව  කන්දක් සේමා නමින් සිනමාපටයක් බවට පත් වුණාට පස්සේ එම  තිර රචනය ජපන් බසට පරිවර්තනය කළ කනෝ මිත්සුරු මහතායි.

මෙය එක්තරා ආකාරයක සමාජ දේශපාලන කතාවක්.

එක්තරා යුගයක් තිබුණා ජපානයේ මහලු ගොවීන්ට ආසියාතික රටවල තරුණියන් විවාහ කර දෙන. මෙම විවාහ
හරහා ඒජන්තවරු බොහෝ මුදල් සරි කර ගත්තා. දුගී දුප්පත් තරුණියන් වගේම කිසියම් හිරිහැරයකට ලක්වූ තරුණියන්ද මෙබදු විවාහ කරගෙන ජපානයට ගියා. නුපා ජපානයට ගියෙත් එබදු කාරණාවක් නිසයි. මේ දිගහැරුම ඔස්සේ තමයි කන්දක් සේමා සිනමාපටය ගලාගන යන්නේ…

නුපා ජපානයට යන්නේ සියලු දුක් කරදර නිවා ගන්නයි. එහෙත් ජපානයේදී නුපාට නොසිතු අන්දමේ ගැටලුවලට මුහුණ දෙන්න සිදු වෙනවා. කොහොම නමුත් නුපා පැමිණි දුක් සැපතක් කරගන්නට වෙහෙසෙනවා. නුපගේ ජපන් ජාතික සැමියා මසායා සාන් නුපට වඩා බොහෝ වැඩිමල්. මේ දෙන්නගේ ජීවිතවලට සකුරා මල් වගේම භුමි කම්පාවලුත් එකතු වෙනවා.

නුපා හොයන්නේ ආදරය. සෙනෙහස. මසායා ආදරය සෙනෙහස හිත ඇතුලේ හිරකරගෙන ඉන්න ස්වාමි පුරුෂයෙක්. හිතින් මවාගත් ආදරණීය පුද්ගලයකුගෙන් නුපා ආදරය යදිනවා. සුමල් කියන්නේ වීසා නැතුව ජපානෙ ඉන්න සිංහල තරුණයෙක්. ඒ හැමෝගෙම කතාව විදිහට තමයි කන්දක් සේමා කලඑළි බහින්නේ.

සිරිල් වික්‍රමගේ,  චාන්දනී සෙනෙවිරත්න, ජුන් ඉතෝ , වීණා ජයකොඩි, දසුන් පතිරණ, වසන්ත කොටුවැල්ල, ප්‍රියංකර රත්නායක, විශ්වජිත් ගුණසේකර, ඇතුළු ප්‍රවීන, නවක රංගන ශිල්පීන් රැසක් මෙම සිනමාපටයට රංගන දායකත්වය සපයනවා. මෙහි
අදියුරු ලෙස කටයුතු කරන්නේ අසෝක අතාවුදහෙට්ටි මහතා විසිනුයි ,

හැම කාන්තාවක්ම නුපාගේ මේ කතාව බැලිය යුතුයි. දුවරු නම් බැලිය යුතුමයි. ආදරය හොයාගෙන යනකොට හිතන්න බොහෝ දේවල් තියෙනවා. සුමිත්‍රා රාහුබද්ධ ගේ සම්මානිත නවකතාව කන්දක් සේමා ඇසුරින් නිර්මිත කන්දක් සේමා සිනමා සිත්තම ඉක්මනින් ඔබ වෙත ගෙන එන්නට දැන් සියලු කටයුුතු සුදානම්.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2019 15:07
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්