දිස්ත්‍රික් මාධ්‍ය ඒකක සවිබල ගැන්වීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
ඒ වෙනුවෙන් මාධ්‍ය ඒකකවලට උපකරණ ලබාදීමේ වැඩසටහනක් පෙරවරුවේදී පැවැත්වුණා. ඒ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතාගේ ප්‍රධානත්වයෙන්. සියලු දිස්ත්‍රික් සඳහාම උපකරණ ලබාදීම එහිදී සිදුවූ බවයි අප නියෝජිත ඉන්දික තුෂාර ප්‍රකාශ කළේ.
රුපියල් ලක්ෂ 120ක වටිනාකමින් යුතු උපකරණ මාධ්‍ය ඒකක සඳහා මෙසේ ලබාදෙන බවයි ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා එහිදී කියා සිටියේ.