මන්නාරම සමුහ මිනීවලේ අස්ථි කොටස් පිළිබඳ කාලනිර්ණ වාර්තාව මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඇමරිකාවේ ෆ්ලොරිඩා රසායනාගාරයකට භාරදුන් සාම්පල හයෙන් පහක කාබන් වාර්තාව මේවන විට ලැබී ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
එම වාර්තාව අද ඉදිරිපත් කිරිමට නියමිත බව කැනීම් කටයුතු භාර අධිකරණ විශේෂඥ වෛද්‍ය ෂමින්ද රාජපක්ෂ මහතා සඳහන් කළා. කැනීම් සිදුකරන පිරිස් සමඟ විශේෂ සාකච්ඡාවක් හෙට පැවැත්වෙන බවද ෂමින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.