වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝට උපරිම සහාය ලබාදෙන බව එරට ආරක්ෂක අංශ ප්රකාශ කළා.
දේශසීමා ආරක්ෂාව ද වැඩිකර තිබෙනවා. විපක්ෂ නායක ජුවාන් ග්වයිඩෝට හමුදාව පක්ෂපාතී විය යුතු බවට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් තර්ජනාත්මක අදහසක් පළකර තිබෙනවා. එසේ නොමැති වුවහොත් ගැටලු මතුවිය හැකි බවයි ඔහු පෙන්වා දුන්නේ. කෙසේවෙතත් ජනාධිපතිවරයාට පක්ෂපාතීව කටයුතු කරන බව ආරක්ෂක අංශ දැනුම් දුන්නා. ඒ අනුව ඉහල පෙලේ ආරක්ෂක බලධාරීන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා. ඉදිරියේදී ගත යුතු ක්රියාමාර්ග පිලිබඳවයි එහිදී අවධානය යොමු වුණේ.