ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය අද (20) පෙරවරුවේ ආරම්භ වුණා.
2019, 2020 කාලය සදහා සභාපතිවරයෙකු තෝරා ගැනීම සදහා වන නිලවරණය දිවයින පුරා ස්ථාපිත කර ඇති මධ්‍යස්ථාන 84 කදීයි අද (20) ආරම්භ වුණේ. සංගමයේ 25 වන සභාපතිවරයා ලෙස තේරී පත්වීම සදහා අපරාධ නීතිය සම්බන්ධයෙන් ප්‍රවීනයෙකු වන ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ මහින්ද ලොකුගේ මහතා තරග වදිනවා.
ඒ සදහා ඡන්දය ප්‍රකාශ කිරීමට කොළඹ දිසා අධිකරණයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට නීතිඥවරුන් ඉතා උද්යෝගිමත්ව පැමිණෙන අයුරු දක්නට ලැබුණා. මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් ධූරය සදහා කෞෂල්‍ය නවරත්න මහතා සහ සමන් වැලිඅංගගේ මහතා තරග වදිනවා. මෙහි නිල ප්‍රතිඵල අද (20) පස්වරුවේ නිකුත් කිරීමට නියමිතයි.