ඉන්දීය සාගර කලාපයට අනගාතයේදී දැඩි බලපෑමක් එල්ල විය හැකි බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කළා. දකුණු ඉන්දිය කලාපය තුළ මළ මුහුදක් නිර්මාණය වීමේ අවධානමක් මතු වීමයි ඊට හේතුවයි.
මුහුදු ජීවින්ට ගැටලු මතුවීමේ හැකියාවක් එමගින් පවතිනවා. ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ධිවර කර්මාන්තයට ද එය බලපාන බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පවසන්නේ.
මෙම මළ මුහුදු කලාපය පවතින්නේ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ සිට නාවික සැතපුම් 500ක් පමණ එපිටින්. ඒ හේතුවෙන් ඍජුව ශ්‍රී ලංකාවට බලපෑමක් එල්ල නොවන බවයි සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේ.