ධාවනයෙන් ඉවත්කර තිබූ ලංගම බස් රථ හයක් අලුත්වැඩියා කර ඩිපෝ සදහා භාරදීමට කටයුතු කෙරුණා. ඒ, අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්.
ධාවනය කළ නොහැකි තත්ත්වයේ තිබූ ලංගම බස් රථ හයක් අංග සම්පූර්ණ ලෙස අලුත්වැඩියා කිරීමට ජා ඇල, ඒකල සීමා සහිත ලක්දිව ඉංජිනේරු සමාගමේ සේවකයින් සමත් වුණා. ඒ අනුව නුවරඑළිය ,ඇඹිලිපිටිය, බණ්ඩාරවෙල, මොරටුව, මීතොටමුල්ල සහ ගම්පහ ඩිපෝවලට එම බස් රථ යළි භාරදීමට කටයුතු කළා. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් එල් පී ජයම්පති,ලක්දිව ඉංජිනේරු සමාගමේ සභාපති ඊ ඒ ටී එදිරිසූරිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.