Life+News The Official News Portal of Independent Television Network Ltd

20 යි 20 තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම නම් කිරීම මේ මස අවසානයේ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 19, 2019 11:23

20 යි 20 තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම නම් කිරීම මේ මස අවසානයේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්විමට නියමිත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස අවසානයේදී නම් කරන බව තේරිම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා පවසනවා.

දෙරට අතර පන්දුවාර විස්සයි විස්ස තරග 03ක් පැවැත්විමට නියමිතයි. එහි පළමු තරගය මාර්තු මස 19 වනදා ආරම්භ වනවා. ඒ සදහා ශ්‍රී ලංකා කණ්ඩායම නම් කිරිම මේ මස අවසානයේදී සිදු කරන බවයි තේරිම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා පවසන්නේ. අයිටිඑන් ප්‍රවෘත්ති අංශය සිදු කළ විමසිමකදී ඒ මහතා කියා සිටියේ නවක ක්‍රිඩකයින්ට අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බවයි.  ශ්‍රී ලංකා පන්දුවාර විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ ලසිත් මාලිංගයි. ශ්‍රී ලංකා  කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදු නොවනු ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ආබාධයකට ලක්ව කණ්ඩායමෙන් ඉවත් වූ ඇන්ජලෝ මැතිව්ස්  පන්දුවාර විස්සයි විස්ස තරගාවලියට එක් කිරිමේ බලාපොරොත්තුවක් නොමැති බව තේරුම් කමිටු සභාපතිවරයා කියා සිටියා. ඒ ඔහුට පුර්ණ සුවය ලබා දිමේ අරමුණ ඇතිවයි. එළඹෙන ක්‍රිකට් ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් ඇන්ජලෝ මැතිව්ස් එක්දින කණ්ඩායමට කැදවීමේ බලාපොරොත්තුවක් ඇති බවයි වැඩිදුරටත් ඔහු කියා සිටියේ.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 19, 2019 11:23
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්