ධීවර බෝට්ටුවල සංඥා පද්ධති සවි කිරිමේ වැඩපිළිවෙලක් ආරම්භ වුණා. මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීතිවිරෝධී කි‍්‍රයාකාරකම් පාලනය මෙහි අරමුණයි.
සංඥා පද්ධතිය හේතුවෙන් මුහුදේ ඕනෑම ස්ථානයක ඇති ධීවර බෝට්ටු සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. මිනිස් ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට ද ඉන් හැකියාව ලැබෙන බවයි අමාත්‍ය පී හැරිසන් මහතා සදහන් කළේ. ධීවර දෙපාර්තමේන්තුව සහ ධීවර අමාත්‍යාංශය ඒකාබද්ධවයි වැඩපිළිවෙල මෙහෙයවන්නේ.