යොවුන් ඔලිම්පික් තරගාවලියේ ලෝකඩ පදක්කම දිනා ගත් පාරමී මාරිස්ටෙලා ක්‍රීඩිකාවට, කැරම් ලෝක ශූරතාව දිනූ හා ආසියා නෙට්බෝල් ශූරතාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීම ක්‍රීඩා අමාත්‍යාංශයේදී අද සිදුවුණා.
යොවුන් ඔලිම්පික් තරගාවලියේ ලෝකඩ පදක්කම දිනා ගත් පාරමී මාරිස්ටෙලා ක්‍රීඩිකාවට රුපියල් ලක්ෂ 15 ක මුදලක් ලබාදීම ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති උත්සවයකදී සිදුවුණා. එහිදී ඇගේ පුහුණුකරුටද මුදල් ත්‍යාග හිමිවුණා. මෙම උත්සවයේදී කැරම් ලෝක ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමට හා පුහුණුකරුවන්ටද මුදල් ත්‍යාග පිරිනැමුනා. ආසියා නෙට්බෝල් ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමට හා ඔවුන්ගේ පුහුණුකරුවන්ට මෙහිදී මුදල් ත්‍යාග ලබාදීමද මෙහිදී සිදුවුණා. මේ අනුව ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා පුහුණුකරුවන්ට රුපියල් ලක්ෂ 110 කට අධික මුදලක් ත්‍යාග වශයෙන් ලබාදී තිබෙනවා.