පොල් කර්මාන්තයෙන් පසුගිය වසරේදී රුපියල් බිලියන 95 ක අපනයන ආදායමක් ඉපැයූ බවයි පොල් සංවර්ධන අධිකාරිය ප්රකාශ කළා.
එය 2022 වසර වනවිට දෙගුණයකින් වැඩිකිරීමයි අරමුණවී තිබෙන්නේ. 2017 වසරේදී පොල් අපනයන ආදායම රුපියල් බිලියන 73 ක්ව පැවැතුණා. 2017, 2018 කාලසීමාවේදී පොල් එලදාව අඩු වුවද පොල් ආශි්රත නිෂ්පාදනයන්හි සැලකිය යුතු වර්ධනයක් පැවැති බවයි එම අධිකාරිය පෙන්වාදෙන්නේ. ගතවූ වසර හතර තුළ නැවුම් පොල් තෙල්, පොල් කිරි, පොල් කී්රම් හා පිටිකළ පොල් කිරි යන නිෂ්පාදනයන්හි වර්ධනයක් සිදුව තිබෙනවා.