බම්බලපිටිය පොලිස් කේෂ්ත්‍ර බලකා මූලස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලබන මස පලමුවනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය නිකුත් කළේ.
රුපියල් 50000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් බවට පොලිස් පරික්ෂකවරයාට චෝදනා එල්ල වී තිබුණා. සැකකරු සම්බන්ධයෙන් ඇප නියෝගය මීලග දින ප්‍රකාශය පත් කරන බවයි අධිකරණය දැනුම් දුන්නේ. වැඩතහනමට ලක්ව සිටින පොලිස් පරීක්ෂකවයකු නැවත සේවයේ පිහිටුවීම සදහා අවශ්‍ය නිර්දේශ ලබාදීමට සැකකරු රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලක් ඉල්ල එය මුදල් ලක්ෂය දක්වා අඩු කොට තිබෙනවා. ඉන් රුපියල් පනස් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් කර ඇති බවද අල්ලස් කොමිසම වැඩිදුරටත් අධිකරණය හමුවේ කියා සිටියා.