Life+News The Official News Portal of Independent Television Network Ltd

ආන්දෝලනාත්මක ක්‍රිකට් වීඩියෝව ගැන පරික්ෂණයක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2019 10:31

ආන්දෝලනාත්මක ක්‍රිකට් වීඩියෝව ගැන පරික්ෂණයක්

දකුණු අප්‍රිකා කණ්ඩායම සමඟ පැවති පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා විවේකාගාරයේ පැවැත්වූ සාදය පිළිබඳ වාර්තා කැදවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා පවසනවා.

දෙරට අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය එක් කඩුල්ලකින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. එම ජයග්‍රහණයේ නියමුවා වූයේ කුසල් ජනිත් පෙරේරායි. අනතුරුව කණ්ඩායම ජයග්‍රහණය සැමරීම වෙනුවෙන් ක්‍රීඩාවිවේකාගාරයේ සාදයක් පවත්වා තිබෙනවා. එහිදී කුසල් ජනිත් පෙරේරා හා සුරංග ලක්මාල් අදහස් දැක්වීම වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත නිකුත් කිරීමට කණ්ඩායමේ ක්‍රීඩකයින් කටයුතු කර තිබෙනවා. කුසල් පවසන්නේ කණ්ඩායමට ප්‍රශ්න තිබෙන බවයි. ක්‍රිකට් ආයතනයට එම ගැටළු වාර්තා විය යුතු බවද එහිදී ඔහු පවසනවා. ක්‍රීඩා විවේකාගාරය යනු අතිශය පෞද්ගලික ස්ථානයක්. එම ස්ථානයේ සිදුවූ අදහස් දැක්වීම මෙලෙස වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත නිකුත් වීම පිළිබඳ වාර්තාවක් කැදවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා. එහි ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා ITN ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී කියා සිටියේ කණ්ඩායම් කළමණාකරු ජෙරී වව්ටස් මහතා එම වාර්තාව ලබාදීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2019 10:31
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්