ප්‍රංශයේ ඉන්ධන මිල හා ජීවන වියදම් ඉහළ දැමීමට විරෝධය පළකරමින් ගෙන යන විරෝධතාවලට එරට පොලීසිය කදුළු ගෑස් ප්‍රහාර එල්ලකර තිබෙනවා.
විරෝධතා ප්රචණ්ඩ මුහුණුවරක් ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. පොලීසිය හා උද්ඝෝෂණකරුවන් ගැටුම් ඇතිකර ගෙන ඇති අතර ඉන් අනතුරුවයි කදුලු ගෑස් ප්‍රහාර එල්ලකර ඇත්තේ. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් දැඩි ලෙස විවේචනය කරමින් උද්ඝෝෂණ කරුවන් සිය විරෝධය ප්‍රකාශ කරන බව සදහන්. මෙම උද්ඝෝෂණකරුවන් දිනෙන් දින ප්‍රංශයේ පැරිස් නගරය ඇතුළු ජනාකීර්ණ නගරවල සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් සිය උද්ඝෝෂණ ක්‍රියාත්මක කරමින් සිටිනවා.