බංගලාදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සියයකට අධික සංඛ්‍යාවක් බංගලාදේශ පොලීසියට භාරවී තිබෙනවා.
පිලිපීනයේ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය මැඩලීමේ ක්‍රියාන්විතයට සමාන ක්‍රියාන්විතයක් බංගලාදේශයේ ආරම්භ කර තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ප්‍රසිද්ධියේ පොලීසිය වෙත භාරවන ලෙසටයි දැනුම් දුන්නේ. ඒ අනුව ජාවාරම්කරුවන් මෙසේ පොලීසිය භාරවී ඇති බවයි වාර්තාවන්නේ. මේ සමග මත්පෙති තුන්ලක්ෂ පනස් දහසක්, අවි ආයුධ තිහකට වැඩි සංඛ්‍යාවක් පොලීසිය වෙත භාර දීමට ඔවුන් කටයුතු කළා. මෙසේ භාරවූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පුනරුත්ථාපනය කර රැකියා අවස්ථා ලබාදී සමාජ ගත කිරීමට පියවර ගන්නා බවයි බංගලාදේශ පොලීසිය සදහන් කරන්නේ.