කින්සිපාරේ එක් දිසාවකට පමණක් වාහන ධාවනය කිරීමේ කාලය දීර්ඝ කර තිබෙනවා.
රාජගිරිය ආයුර්වේද වටරවුමේ සිට කොළඹ දෙසට ගමන්කරන වාහන හේතුවෙන් හටගන්නා තදබදය අවම කර ගැනීම සදහා සතියේ දිනවල හෝර්ටන් පෙදෙස, කින්සි පාරේ සිට කේරි විද්යාල හන්දිය දක්වා එක් දිසාවකට පමණක් වාහන ගමනාගමනය සීමා කරීමේ කාලය දීර්ඝ කර තිබෙනවා. උදෑසන 7.30 සිට අට දක්වා කාලය මීට පෙර එක් දිසාවකට පමණක් වාහන ධාවනය සිදු කළා හෙට සිට එම කාලය උදෑසන 7.00 සිට 8.00 දක්වා දීර්ඝ කර ඇති බවයි පොලිස් මූලස්ථානය සදහන් කරන්නේ.