වතුකම්කරුවන්ට ලබාදුන් පොරොන්දු අයවැය වාර්තාවෙන් ඉටුවේද යන්න දැඩි අවධානයෙන් සිටින බව දමිල ප්රගතිශීලී සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි බී වේලුකුමාර් මහතා පවසනවා.
නාවලපිටිය ප්‍රදේශයේ වතු කම්කරුවන් වෙනුවනේ ඉදිවූ නිවාස 40ක් ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළකර සිටියා. කදුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ නාවලපිටිය වෙස්වෝල් වතුයායේ සහ කිඹුල්පිටිය වතුයායේ කම්කරුවන් වෙනුවෙනුයි මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබුණේ. එම එක් නිවසක් සදහා අමාත්‍යාංශය මගින් රුපියල් ලක්ෂ 10ක ප්‍රතිපාදන වෙන් කර තිබුණා. වර්ගඅඩි 750කින් යුත් එම නිවසට පර්චස් හතක බිම් කැබැල්ලක් ද අයත්.
පාර්ලිමේන්තු මන්ත්‍රි බී. වේලුකුමාර්,
[ot-video type=”youtube” url=”https://youtu.be/LxiEtgIE0QU”]