නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස විදෙස්ගත වීමට උත්සාහ කළ පුද්ගලයින් 38 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ස්ථාන කිහිපයක ලැගුම්හල්වල රැදී සිටියදීයි මෙම පිරිස අත්අඩංගුවට ගැනුනේ. සියඹලාන්ඩුව ප්රදේශයේ පුද්ගලයන් 23ක්, කතරගම ප්රදේශයේ පුද්ගලයින් 11 ක්. වීරවිල ප්රදේශයේ පුද්ගලයින් තුන් දෙනෙක් සහ හික්කඩුව ප්රදේශයේ එක් අයෙකු අත්අඩංගුවට ගත් පිරිස අතර වනවා. මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ මෝටර් රථ දෙකක් , වෑන් රථයක් සහ ලොරි රථයක් ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරුණා. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.