බහුදින ධීවර යාත්‍රාවක් තුළදී අනතුරට පත් ධීවරයෙකු කඩිනමින් හම්බන්තොට ධීවර වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කළා.
සංගමන් කන්ද ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 80ක පමණ දුරක සිට අනතුරට පත් ධීවරයා වේග ප්‍රහාරක යාත්‍රාවක් මගින් රැගෙන ඒමටයි කටයුතු කෙරුණේ. අවශ්‍ය මුලික ප්‍රථමාධාර පහසුකම් ලබා දෙමින් ඔහුව නිරුපද්‍රිතව හම්බන්තොට ධීවර වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදාව සමත්වුණා.