පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්තී‍්‍රවරුන්ගේ තැපැල් පහසුකම් වැඩිකර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ.
පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකුට වසරකට රුපියල් එක් ලක්ෂ හැත්තෑ පන්දහසක්ව පැවැති නිදහස් තැපැල් පහසුකම රුපියල් තුන් ලක්ෂ පනස් දහසක් දක්වා ඉහළ නංවා තිබෙනවා. පළාත් සභා මන්ති‍්‍රවරුන්ගේ නිදහස් තැපැල් පහසුකම් ගාස්තුව රුපියල් හතළිස් අට දහසක් දක්වා වැඩි කිරීමටයි පියවර ගෙන ඇත්තේ. කැබිනට් මණ්ඩල අනුමැතිය ද ඊට හිමිවුණා.