සුනිල දියගම උදා ගම්මානය අද ජනතා අයිතියට පත්කෙරෙනවා. අම්පාර දමන ප්‍රදේශයේ ඉදිකළ එය 166 වන උදාගම්මානයයි.
නිවාස ඒකක 21 ක් ඊට ඇතුලත්. ප්‍රතිලාභීන්ට හිමිකම් ඔප්පු ප්රදානය සිදුවන්නේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. මීට සමගාමීව තවත් වැඩසටහන් කිහිපයක් පැවැත්වෙන බවයි අමාත්‍යාංශය සඳහන් කළේ.
165 වන උදා ගම්මානය මොණරාගල සෙවණගල නුගේගල යාය ප්‍රදේශයේදී ඊයේ ජනතා අයිතියට පත්කළා. මිණිපහන්ගම ලෙසයි එය නම් කර තිබෙන්නේ. නිවාස ඒකක 28 කින් එය සමන්විතයි.
මේ අතර තවත් පවුල් දහසකට ඉඩම් ඔප්පු ලබාදීම අද සිදු කෙරෙනවා.රත්නපුර දිස්ති‍්‍රක්කයේ ප්රාදේශ්රීය ලේකම් කොට්ඨාස 9ක පවුල් ඊට අයත්. උත්සවය පැවැත්වෙන්නේ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැල්මඩුල්ල ගනේගම රජමහා විහාරස්ථානයේදීයි.