හදිසි විදුලිය මිලදී ගැනීමක් නතර කරමින් රුපියල් මිලියන 725ක් ඉතිරි කර ගැනීමට හැකිවූ බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. යෝජනා කර තිබූ මිලදී ගැනීමක් මෙලෙස නතර කෙරුණේ ඉතිහාසයේ පළමු වරට බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
විදුලි ක්ෂේත්රයේ පවතින ගැටලුකාරී තත්ත්වයන් පිළිබද මාධ්‍ය දැනුවත් කිරීම සදහා පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම අදහස් පළකලා. කිසිදු ගැටලුවක් ඇති නොවන පරිදී ගල් අගුරු මිලදී ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
අමාත්‍ය රවී කරුණානායක,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=_S7hEan_8qI&feature=youtu.be&fbclid=IwAR2u6YwF5LEu4c3c-S9S63H8kL7gag9Yybz83Oq8YGpuH1SD0b8_QsdDwA0″]