ඇතුල්කෝට්ටේ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ තෙමහල් ගොඩනැගිල්ල සඟ සතුකොට පූජා කෙරුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.
ශ්‍රී මහින්දාරාම විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා විහාරාධිපති පූජ්‍ය මීගස්තැන්නේ චන්දසිරි නායක ස්වාමීන්වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව නව ගොඩනැගිල්ල සඟ සතු කොට පූජා කිරීමේ උත්සවයට ජනාධිපතිතුමා එක්වුණා. විහාරස්ථානය ගොඩනැගීමේදී පුරෝගාමීවුවන්ට පුෂ්පෝපහාර දැක්වීමට ද ජනාධිපතිතුමා සහභාගි වුණා. මෙම පුන්‍යෝත්සවයේ මුලසුන දැරුවේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්රි ධර්ම මහා සංඝ සභාවේ මහනායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමීන්වහන්සේයි. ජපාන ප්‍රජාසත්කාර පදනම් 5 ක් මගින් පිරිනමා ඇති මෙම ගොඩනැගිල්ල සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 40ක්. සිසුන් එක්දහස් පන්සියයකට පමණ දහම් අධ්‍යාපනය ලබා ගැනීමට මෙහි පහසුකම් පවතිනවා. පාඨලී චම්පික රණවක, ගයන්ත කරුණාතිලක යන අමාත්‍යවරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.