ශ්රී ලංකා ඒක්දින ක්රිකට් කණ්ඩායම තේරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට දිනයේදී ශ්රී ලංකා ක්රිකට් ආයතනයේදී පැවැත්වීමට නියමිතයි.
දකුණු අප්රිකාව සමඟ පැවති පළමු ටෙස්ට් ක්රිකට් තරගය ශ්රී ලංකා කණ්ඩායම ජයග්රහණය කිරීමට හැකි වුණා. එහිදී නවක ක්රීඩකයන් සමගින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට කුසල් ජනිත් පෙරේරා සමත් වුණා. දෙරට අතර දෙවන හා අවසන් ටෙස්ට් ක්රිකට් තරගය ලබන 21 වනදා ෆෝට් එලිසබත්හි පැවැත්වීමට නියමිතයි. එක්දින ක්රිකට් තරගාවලිය ලබන මස තුන්වනදා ආරම්භ වන අතර එම තරගාවලියට එක්දින තරග 05 ක් ඇතුළත්. පන්දුවාර 20 යි 20 තරග තුනක් ද දෙරට අතර පැවැත්වීමට නියමිතයි.
ශ්රී ලංකා එක්දින ක්රිකට් කණ්ඩායම තේරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට දිනයේදී ශ්රී ලංකා ක්රිකට් ආයතනයේදී පැවැත්වීමට නියමිතයි. එම සාක්ච්ඡාවේදී ශ්රී ලංකා කණ්ඩායමේ සිදු කරන වෙනස්කම් සම්බන්ධයෙන් අවසන් තීරණය ගන්නා බව ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා පවසනවා. ශ්රී ලංකා එක්දින ක්රිකට් කණ්ඩායමේ නායකයා ලෙස මේ වන විට කටයුතු කරන්නේ ලසිත් මාලිංගයි. එළඹෙන එක්දින තරගාවලියේදී ඔහුට නායකත්වය ලබා දෙන්නේද යන්න මෙහිදී තීරණය කරනු ඇති. ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට පෙර ශ්රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් ප්රධාන තරගාවලිය මෙයයි. මේ හේතුවෙන් ලෝකකුසලාන තරගාවලිය ඉලක්ක කරගනිමින් ශ්රී ලංකා කණ්ඩායම තෝරාගන්න බව ශ්රී ලංකා ක්රිකට් තේරිම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා වැඩිදුරටත් ITN ප්රවෘත්ත අංශය වෙත පවසා සිටියා.