දකණු අපි‍්‍රකාවට එරෙහි පළමු ටෙස්ට් කි‍්‍රකට් තරඟයේදී තියුණු ජයක් හිමිකර ගැනීමට ශ්‍රී‍්‍ර ලංකා පිල සමත් වුණා.
දෙවන ඉනිම සඳහා ශ්‍රී‍්‍ර ලංකාවට හිමිවූ ඉලක්කය ලකුණු 304 ක්. විශිෂ්ඨ පිති හරඹයක නිරතවූ කුසල් ජනිත් පෙරේරා නොදැවී ලකුණු 153 ක් රැස්කර ගත්තා.
හයේ පහර පහක් සහ හතරේ පහර දොළහක් ඊට ඇතුලත්. කාසියේ වාසිය දිනූ ශ්‍රී‍්‍ර ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව දකුණු අපි‍්‍රකාවට ලබාදුන්නා. ඒ අනුව පළමු ඉනිම සඳහා සියලු කී‍්‍රඩකයන් දැවී ඔවුන් රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 235 ක්. ශ්‍රී‍්‍ර ලංකාව පළමු ඉනිමේදී සියලුදෙනා දැවී ලකුණු 191 ක් රැස්කර කළා. දෙවන ඉනිම සඳහා දකුණු අප්‍රිකාව ලබාගත් ලකුණු සංඛ්‍යාව 259 ක්.