අද සහ හෙට (පෙබරවාරි මස 16සහ 17) දිනයන්හිදී, දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව ඉහල මට්ටමක පවතී.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලසවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
නැගෙනහිර පළාතේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදීද වැසි ඇතිවිය හැක.
බස්නාහිර, සබරගමුව, ඌව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ප්‍රභල අකුණු තත්ත්වයන්දඇතිවිය හැක.
සබරගමුව, මධ්‍යම, ඌවසහ දකුණු පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
හම්බන්තොට සිට පොතුවිල් සහ ත්‍රිකුණාමලය හරහා මුලතිවු දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-30 පමණ වේ.
මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සහ මාතර සිට හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 දක්වා වැඩි විය හැක.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය | දිනය : | 2019-02-17 | |||
නගරය | උෂ්ණත්වය(සෙ. අංශක) | සාපේක්ෂ ආර්ද්‍රතාවය(%) | කාලගුණය | ||
උපරිම | අවම | උපරිම | අවම | ||
අනුරාධපුරය | 32 | 24 | 95 | 70 | සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
මඩකලපුව | 30 | 25 | 95 | 80 | වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
කොළඹ | 31 | 25 | 90 | 60 | සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
ගාල්ල | 31 | 24 | 95 | 75 | සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
යාපනය | 31 | 23 | 95 | 70 | සිහින් වැසි වාර කිහිපයක් |
මහනුවර | 32 | 21 | 95 | 55 | සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
නුවරඑළිය | 21 | 11 | 95 | 80 | සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
රත්නපුරය | 34 | 23 | 95 | 60 | සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
ත්‍රිකුණාමලය | 30 | 25 | 90 | 80 | වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
මන්නාරම | 30 | 24 | 90 | 75 | සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |