රක්වාන රඹුක රජවත්ත ප්රදේශයේ අනවසර මැණික් ගැරීම් සිදු කළ ස්ථානයක් වැටලූ පොලීසිය සහ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය උපකරණ රැසක් සිය භාරයට ගත්තා.
රජවත්ත ශ්රී බෝධිමූලාරාම විහාරස්ථාන භූමියේයි මෙම අනවසර මැණික් ගැරීම සිදුකර ඇත්තේ. විහාරස්ථානයේ ස්වාමීන්වහන්සේ මේ පිළිබද කිසිවක් නොදන්නා බවට ප්රකාශ කළ බවයි පොලීසිය පවසන්නේ. ඉතා සූක්ෂම අයුරින් විදුලිය ද ලබා ගනිමින් මෙම ජාවාරම සිදුකර තිබෙනවා. කලක් පුරා මැණික් පතල් ජාවාරම සිදුකර ඇති බව මෙතෙක් කළ පරික්ෂණවලදී හෙළි වුණා.