සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු පාකිස්ථානයේ සංචාරයක නිරත වනවා.
සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවරට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඔහු පාකිස්තානයේ දින දෙකක කාලයක් රැදී සිටිනු ඇති. සල්මාන් කුමරු පාකිස්තාන ජනාධිපති අරීෆ් අල්වී, අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ එරට හමුදා ප්‍රධානී කමර් ජාවඩ් හමුවීමට නියමිතයි. පාකිස්ථානය සහ සෞදි අරාබිය අතර ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීම ද මෙහිදී සිදුවන බවයි පාකිස්ථාන විදේශ අමාත්‍යංශය සදහන් කරන්නේ.