හැටන් ප්‍රදේශයේ විහාරස්ථානයක පවත්වාගෙන ගිය පෞද්ගලික උපකාරක පන්තියකදී මත්පැන් පානය කළ සිසුන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පෞද්ගලික උපකාරක පන්තිය ආරම්භ කිරිමට නියමිත වේලාවටත් පෙර ඔවුන් පැමිණ මත්පැන් පානය කර ඇති බවයි පොලිසිය පවසන්නෙ. විහාරස්ථානයේ හිමිනමක් පොලිසියට කළ දැනුම්දීමකට අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් තුන් දෙනා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් බවයි පොලිසිය සදහන් කළේ.