පුල්වාමා ත්‍රස්ත ප්‍රහාරයට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කිරිමේ සම්පුර්ණ නිදහස ඉන්දිය රජය එරට ආරක්ෂක අංශ වෙත පවරා දි තිබෙනවා.
පසුගිය 14 වනදා එල්ලවූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයෙන් ආරක්ෂක අංශ සාමාජිකයන් 46 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ප්‍රහාරයෙන් සමස්ත ඉන්දියාවම දැඩි ලෙස කම්පනයට පත්වු බවයි එරට ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙන්නෙ. ප්‍රහාරයෙන් පසු ඉන්දිය ආරක්ෂක කවුන්සලය ද හදිසියේ රැස්වුණා. ඒ අනුව ඉදිරි ප්‍රති ප්‍රහාරවල සම්පූර්ණ වගකීම ඉන්දිය ආරක්ෂක අංශ වලට පැවරීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි උපදෙස් දි තිබෙනවා.
මේ අතර ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ඉන්දිය හමුදා සාමාජිකයන් හතලිස් දෙනෙකුගේ සිරුරු දිල්ලියේ පාලම් ගුවන් තොටුපල වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඥාතින්ට භාර දීමටයි පියවර ගෙන තිබෙන්නෙ.