කුකුලු මස් බහුලව ආහාරයට ගන්නා පුද්ගලයන් අක්මාව ආශ්රිත රෝගාබාධවලට ගොදුරුවීමේ වැඩි අවදානමක් පවතින බව නවතම පර්යේෂණයකින් හෙළිවුණා.
මධ්‍යසාර බලපෑමකින් තොරව අක්මාවේ මේදය තැන්පත් වීමේ තත්වයන් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මෙම පර්යේෂණය සිදුකර තිබෙනවා.
ශාකමය ආහාරවලට වඩා සත්ව මාංශ ආශ්රයෙන් සිරුරට අවශ්‍ය ප්‍රෝටීන ලබාගැනීමට උනන්දුවක් දක්වන පුද්ගලයන් මෙවැනි රෝගී තත්වයන්ට ගොදුරුවීම වැඩි බවයි බ්‍රිතාන්‍ය පර්යේෂකයන් පවසන්නේ.
විශේෂයෙන් කුකුලු මස් බහුලව ආහාරයට ගැනීමෙන් අක්මාව ආශ්රිත රෝගාබාධ ඇතිවීමේ සම්භාවිතාව සියයට 54ක් බවද පර්යේෂකයන් පෙන්වා දුන්නා.