තණමල්විල නගරයේදී සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධපුද්ගලයන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගිනි අවි තුනක් ද අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන්කළේ.
යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනෙකු පසුගියදා සිදුකළ වෙඩි තැබිමකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්වුණා.
තවත් අයෙකුට බරපතල තුවාල සිදුව තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් විමර්ෂණ ආරම්භ කළ තණමල්විල පොලිසිය සැකකරුවන් තණමල්විල කුමාරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.