එදා මේදා තුර සිංහල සිනමාවේ සිහින කුමාරය වන අසහාය රංගධර විජය කුමාරතුංග මහතා අප අතරින් වියෝ වී මෙම මස 16 වැනිදාට වසර 31ක්. එය අනුස්මරණය කරමින් වාර්ෂිකව පවත්වනු ලබන විජය ගී තරුව සංගීත තරගවලියේ අවසාන මහා අතරගය මේ මස 21 වැනිදා සවස ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා.
මෙහිදී අවසන් වටයට තෙරුණු තරගකරුවන් 15ක් විජය ගී ගයමින් තරග වැදීමට සුදානම්..
මෙයට සමගාමීව තෝරාගත් කලාකරුවන් කිහිපදෙනෙකුට විජය කුමාරතුංග අනුස්මරණ අභිනන්දන සමරු සම්මාන පිරිනැමීමටයි කටයුතු සුදානම් කර ඇත්තේ. ඒ අනුව ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, ආතර් යූ අමරසේන, නිමල්සිරි කුරේ, නිමල් ගුණසේකර, මහේෂ් නිශ්ශංක යන කලාකරුවන්ට සහ දිවංගත සරත් දසනායක සහ ග්‍රේෂන් ආනන්ද යන කලාකරුවන්ට එම සම්මාන වෙන් කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ..
අනුර ශ්‍රීනාත්ගේ කතනයෙන් අලංකාර වන මෙම වැඩසටහන සංවිධානය කරනු ලබන්නේ විජය කුමාරතුංග අනුස්මරණ සහෘද කලා සංසදය මගිනුයි…