අනතුරට ලක්වූ ජීප් රථයක තිබී කේරල ගංජා තොගයක් සොයාගත් පොලීසිය ප්රකාශ කළා. ඒ අද(14) අලුයම මරදාන ප්රදේශයේදී.
ජීප් රථය මරදාන ගුවන් පාලමේ ගැටී තිබෙනවා. එය පරීක්ෂා කිරීමට මරදාන පොලීසියේ නිලධාරීන් පැමිණි අවස්ථාවේ එහි සිටි කිහිපදෙනෙකු පළාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ. ජීප් රථය පරීක්ෂා කළ නිලධාරීන්ට කේරල ගංජා කිලෝග්රෑම් 68 ක් සොයා ගැනීමට හැකිවුණා.