මාකඳුරේ මධූෂ් සමඟ අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල සාමාජිකයෙකු වන කන්ජිපානි ඉම්රාන්ගේ මූල්‍ය කටයුතු භාරව සිටි පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළා.
ඒ මාළිගාවත්ත ප්‍රදේශයේදි. මොහොමඩ් නිස්සාර් මොහොමඩ් අස්වර් නමින් හැඳින්වෙන ඔහුගේ වයස අවුරුදු 38 ක්. කොළඹ ආදිරිප්පුවීදියේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ විශේෂ මෙහෙයුමකින් ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.මෙම පුද්ගලයා කන්ජිපානි ඉම්රාන්ට අයත් මාළිගාවත්ත ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක් භාරව සිටි අයෙකු බවද පොලිසිය සදහන් කළා.