හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ ක්‍රියා පිටිපාටිය සම්බන්ධයෙන් සකස් කෙරුණු කමිටු වාර්තාව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය වෙත භාරදීම සිදු කෙරුණා.
හදිසි මරණ පරික්ෂකවරුන්ගේ ක්‍රියා පටිපාටිය, හදිසි මරණයකදී ඔවුන් ක්‍රියා කළ යුතු ආකාර හා අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ පිලිබද සොයා බැලීම සදහා කමිටුවක් පත් කර තිබුණා. 12 දෙනෙකුගෙන් යුත් කමිටුවේ සභාපතිත්වය දැරුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතායි. එම වාර්තාව තලතා අතුකෝරාල මහත්මිය වෙත භාරදීම අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී සිදු කෙරුණා. කමිටු වාර්තාවට අනුව ඉදිරි කටයුතු සිදු කරන බව අමාත්‍යවරිය මෙහිදී ප්‍රකාශ කළා.