ආසියා පැසිපික් ආර්ථික සහයෝගිතා සමුළුවෙන් පසු අතුරුදන් මෝටර් රථ 300 ක් සොයා විමර්ෂණ ආරම්භ කර තිබෙනවා.
සුඛෝපභෝගී මෝටර් රථ රැසක්ද ඊට ඇතුලත් බවයි පැපුවා නිව් ගිනියා ආරක්ෂක අංශ සදහන් කළේ. මෝටර් රථ සෙවීම සදහා විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඇපෙක් සමුළුවට සහභාගීවීමට පැමිණි නියෝජිතයන්ගේ අවශ්‍යතාවට භාරදුන් මෝටර් රථ මෙසේ ලැබී නොමැති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.