සිට්ට්රා සමාජ නවෝත්පාදන පර්යේෂණාගාරය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී නිල වශයෙන් එළිදැක්වුණා. මෙරට රාජ්‍ය අංශයේ පළමු නිවෝත්පාදන පර්යේෂණාගාරය මෙයයි.
විද්‍යා තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍යාංශයත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනත් එක්වයි සිට්ට්රා සමාජ නවෝත්පාදන පර්යේෂණාගාරය එළිදැක්වුණේ.
ආයතන බලගැන්වීම, රාජ්‍ය අංශයේ හැකියාවන් වර්ධනය සහ මානව කේන්ද්‍රීය සැලසුම් සකස් කිරීම මෙහි මූලික අරමුණු අතර වනවා.
මෙම පර්යේෂණාගාරයෙන් රාජ්‍ය අංශයට ප්රතිලාභ රැසක් හිමිවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළා. මෙම පර්යේෂණාගාරයේ කටයුතු පසුගිය වසර මුලදීයි ආරම්භ වූයේ.
මෙරට සංවර්ධන කාර්යයේදී තෝරාගත් රාජ්‍ය නිලධාරීන් බල ගැන්වීම ද මේ යටතේ සිදුකෙරෙනවා.
සිට්ට්රා විද්‍යාගාරයේ පළමු වාර්ෂික වාර්තාවද මෙහිදී එළිදැක්වුණා. විද්‍යා තාක්ෂණ සහ පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතාද මෙහිදී අදහස් දක්වමින් සදහන් කළේ මෙම පර්යේෂණාගාරය මගින් රටට වටිනාකමක් එක්වන බවයි.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි ශ්‍රී ලංකා නේවාසික නියෝජිත ජෝන් සොරෙන්සන් මහතා ද මෙහිදී අදහස් දැක්වූවා. මැතිඇමතිවරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට ඒව සිටියා.