වෛද්‍ය නිල නිවාස කඩිනමින් ඉදිකිරීමට රජය තීරණය කර තිබෙනවා.
නිල නිවාස 1500 ක් ඉදිකිරීමටයි රජය සැලසුම් කර තිබෙන්නේ. ඉදිකිරීම් ආරම්භ කර මාස හයකින් ඉදිකිරීම් කටයුතු අවසන් කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළා. චීන රජයේ සහ නණය ආධාර යටතේ තෝරාගත් රෝහල් 13 ක පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව එරාවුර් සහ සමන්තුරෙයි මූලික රෝහල්වල ඉදිකරන වාට්ටු සංකීර්ණ සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළකර තිබෙනවා. එරාවුර් මූලික රෝහලේ ඉදිකෙරෙන වාට්ටු සංකීර්ණයට වැය කරන මුදල රුපියල් මිලියන 234 ක්. සමන්තුරෙයි රෝහලේ වාට්ටු සංකීර්ණය වෙනුවෙන් රුපියල් මිලියන 300 ක් වැය කෙරෙනවා.