උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අද (12) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම එකගතාව පළවූ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.
නූතන අධ්‍යාපනයේ විශ්වීය අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි පාසල් අධ්‍යාපනය සකස් කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ ටැබ් පරිගණක ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. ඒ සදහා ප්‍රමුඛතාව ලබාදෙමින් ඊට අවශ්‍ය මුදල් වෙන් කිරීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාද එකගතාව පළකර තිබෙනවා. මෙම වැඩසටහන උසස් පෙළ සිසුන් ඉලක්ක කර ගනිමින් නියමු ව්‍යාපෘතියක් ලෙස තෝරා ගත් පාසල්වල ප්‍රථමයෙන් ක්‍රියාත්මක කෙරෙනු ඇති. අනතුරුව දිවයින පුරා පාසල්වල උසස් පෙළ සිසුන්ට ටැප් පරිගණක බලාදීම අපේක්ෂාවයි. මේ පිළිබද සමස්ත සැලසුම හා නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන ආකාරය පිළිබද තොරතුරු ජනාධිපතිතුමා සහ අගමැතිතුමා වෙත මීළග අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ලබාදීමට නියමිත බව අමාත්‍යවරයා පවසනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/SILMY8vYA-Y”]