Life+News The Official News Portal of Independent Television Network Ltd

ආත්මීය සහකරුවා හමුවුණාද?

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2019 17:24

ආත්මීය සහකරුවා හමුවුණාද?

ඔබේ සැමියා ඔබේ ආත්මගත සහකරුවාද? එහෙම නැත්තම් ආත්ම සහකරුවන් ගැන ඔබ විශ්වාස කරනවාද? සමහර අය සිතන්නේ එය තේරුමක් නැති සිහින ලොවක් මවන හැගීමකින් තොර වූවක් බවයි. නමුත්, ඔබ එය විශ්වාස කරන්නේ නම්, එය දෙදෙනෙකු අතර ඇතිවෙන ගැඹුරු, බලගතු බැඳීමක් බව නිසැකවම එකඟ වනවා නිසැකයි…

ඔබ ඔබේ ආත්මගත සහකරුවා සොයා ගන්නේ කෙසේද? ඔබට නිසැක විය හැක්කේ කෙසේද? ආත්මීය සහකරුවා හදුනාගැනීමට එක් මාර්ගයක් වත් නොතිබිය හැකියි. නමුත් ඔබ දකින්නට කැමති නම් එහි අව්‍යාජ සලකුණු තියෙනවා ගැඹුරින් බැලුවොත් අපට එය හඳුනාගන්න පුළුවන්.

ආත්මීය සහකරුවන් අපිව සම්පුර්ණ කරනවාට වඩා වැඩි යමක් කරනවා. අපගේ අසම්පූර්ණකම නොතකා තවමත් ආදරය ලබන්නට අපිව වටින බව ඔවුන් අප තුළ විශ්වාසයක් ඇති කරනවා.

ඔබගේ හදවතේ අනෙක් අඩ සොයා ගැනීමෙන් පමණක් ඔබේ සියලු දුක් නැති වී නොයයි. එනමුත් ඔබේ සිහින කුමරා නොලැබුණ  විට පවා ජීවිතයේ ආත්මීය සහකරුවෙක් සිටීම නිසා ජීවිතය යනු මල් යහනාවක්  නොවන බව පිළිගැනීමට ඔබට උපකාර කරයි.

ආත්මීය සහකරුවා හඳුනා ගැනීමට නම්, ඔහුට ජීවන  සහකරුවෙකුට  වඩා වැඩි දෙයක් කළ හැකි බව මුළින්ම දැන ගන්න ඕනේ.

ඔබේ ජීවිතයේ ඉතිරි කාලය ගත කිරීමට අවශ්‍ය ඔබේ සැමියා සොයා ගැනීම දිගු, දුෂ්කර ගමනක් වෙන්න පුළුවන්. නැත්නම් එය වියවුල් සහගත ප්‍රේම සම්බන්ධයක් වෙන්නත් පුළුවන්.                                                                                                                                        නමුත් ඔබේ ජීවිතයේ ඔබේ ආදරය විවාහ කරගැනීම සඳහා කුමක් කලා වුවත්, ඔබ විසින් හොඳම තීරණය ගෙන ඇති බව ඔබට ඇතැම් විට යම් තරමක සහතිකයක් අවශ්‍යයි.

සායනික මනෝවිද්‍යාඥ හා සම්බන්ධතා විශේෂඥ කාමන් හාරා බොහෝ යුවළ  සමඟ වැඩ කර ඇති අයෙක්. ඇයගේ වසර ගණනාවක අත්දැකීම් එක්ක ආත්මීය සහකරුවාගේ ශක්තිය හොඳ ජීවිත සහකරු වීමට වඩා ඔබ්බට යන බව ඇය විශ්වාස කරනවා.

ආත්මීය සහකරුවා සුහදශීලී හැඟීම් ඇවිස්සෙන අයුරින් ඔබේ සිහින තුලින් ජීවත්වීමට ඔබ තුළ පොළඹවන බව ආචාර්ය හාරා විශ්වාස කරනවා . ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් බලවත් අයුරින් ඔබේ ආත්මය වර්ධනය කරනවා.

 

ආත්මීය සහකරුවා හඳුනාන්නේ කොහොමද?

 

ඔහු ඔබට ධෙෙර්යක් වෙනවා

ඔබ දන්නවා. මෙය ටිකක් අමුතු දෙයක් වෙන්න පුළුවන්. නමුත්, ඔබ ආදරය කරන විට මෙම ධෙෙර්ය පිළිබද තේරුම් ගැනීම පහසු යි.

පූජක ලෝරි සුයි බ්රොක්වේ පවසන්නේ”සැබෑ ආදරය පැමිණෙන විට ඔබේ හිස තුළ හඬක්, පිළිගැනීමේ හැගීමක් හෝ ඔහු ඔබට සුවිශේෂි බව හැගවෙන ධෙෙර්යයක්  දැනීම නිසැක සලකුණක් වෙනවා” යනුවෙනුයි .

 

ඔහු ඔබව තේරූම් ගන්නවා.

ඔබට නිරන්තරයෙන්ම පැහැදිලි කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. ඔබේ ආත්මීය සහකරුවා ඔබේ වචනය පිටවීමටත් පෙර ඒය ඉටුකරන අතර ඔබේ අවශ්‍යතා හදුනා ගෙන කියන්නත් පෙර ඒය ඉටු කරනවා. නිදසුනක් වශයෙන්, ඔබට තනිවෙන්න අවශ්‍ය වු විට, ඔබට ආදරය අවශ්‍ය වු විට ඔහුට හැගෙනවා.

 

ඔහු හැමවිටම ඔබේ පැත්ත ගන්නවා.

ආත්මීය සහකරුවෙක් ගැඔුරින් ඔබ වටා ස්ථාපිත වෙනවා. ඔහු ඔබව හොඳින්ම විශ්වාස කරන අතර, ඔබ  දෙපළ සැබැවින්ම එකම කණ්ඩායමට අයත් බව ඔබට දැනෙන්න හරිනවා.

ඔහු ඔබට පරස්පර විරොධී වන විට හෝ නිවැරදි කරන අවස්ථාවන්හිදී පවා  එසේයි. ඔහුට අවශ්‍ය වන්නේ ඔබට වඩාත්ම සුදුසු දේ පමණක් බව ඔබ නිසැකවම විශ්වාස කරනවා.

මවක් වන යඩ්ඩෙට් සී. සිය සැමියා සැමවිටම ඇය හා කාලය ගතකිරීම මෙන්ම දවස මුළුල්ලේම ඇය ගැන  සොයා බැලීම ගැන අගය කරනවා. ඇය සමඟ ආදරණියව  අවංකව සිටීමට ඔහු  බිය නොවන අතර, ඔහු ඇයගේ එකම කෙනා බව ඇය තුළ විශ්වාසයක් ඇති කරනවා යනුවෙන් පවසනවා.

 

ඔබටත් ඔහුටත් ඇත්තේ එකම අදහස්.

ඔබේ සැමියා සැබවින්ම ඔබේ ආත්ම සහකරුවා නම් ඔබ වෙන් වු විට පවා ඔබ දෙපළ මනසින් එකට බැදිලා ඉන්නවා.එහෙම කෙනෙත් එක්ක ඔබට වචනයෙන් තොරව හැගීම්වලින් කථා කරන්න පුළුවන්.

“සෑම මට්ටමකදීම ඔවුන් එකිනෙකා කෙරෙහි දැඩි ලෙස සම්බන්ධ වෙනවා” යැයි ආචාර්ය හාරා පවසනවා. මෙම ආත්මිය සහකරුවන්ට එකම විට දුරකථන ඇමතුම් දෙන්න හිතෙනවා.

 

නිතරම ඔබ ඇස් දෙස බලා ඉන්නවා.

ඔබ සමඟ කතා කරන විට, ඔබේ ඇස් දෙස බලා ගෙන කොපමණ වේලාවක් ගත කරනවාද කියා සොයා බැලීමෙන් ආත්මීය සහකරු හදුනාගන්න පුළුවන්.  ඇස් සම්බන්ධතා අවංකත්වය ප්‍රකාශ කරනවා පමණක් නෙවෙයි  ඔබ ආදරය කරන පුද්ගලයා හා කතා කිරීම, කාලය ගතකිරීම ඔහුට  කොතරම් වටිනවාද කියලා සංනිවේදනය කරනවා.එය යුවළගේ ආදරය හා සම්බන්ධය ගැඹුරු කරනවා.

ජපන් අධ්‍යයනයක් පවසන්නේ නිරන්තර ඇස සම්බන්ධතා මගින් ඔබගේ මොළය වඩාත් සමපාත වන අතර ඔබව තව තවත් සමීප කරනු ලබයි යනුවෙනුයි.

 

ඔහුට ඔබ ගැන ක්ෂණික හැඟීම් ඇති වෙනවා.

ඔබට ගැඹුරු ලෙස ආදරය කරනවා පමණක් නොව , ඔහුට ඔබව අතිශයින්ම කලකිරීමට පත් කරනත් පුළුවන්.

මෙය හැමවිටම නරක දෙයක් නොවේ. එය හුදෙක් ඔබ ඔබේ සම්බන්ධතා තුළ ගැඹුරින් සිටින අතර, හැකි ඉක්මනින් ගැටුම් නිරාකරණය කිරීමට අවශ්‍ය බවත් මෙයින් අදහස් වෙනවා.

 

ඔබ ඔහුගේ දුර්වලකම්වලට ආදරය කරනවා .

ඔබේ ආත්මීය සහකරු සතුව විශ්මය ජනක ගුණාංග ඇති නිසා කිසි විටෙකත් එයින් ඔහු වැරදි නොකරන බව අදහස් වෙන්නේ නැහැ. නමුත් ඔහුගේ අඩුපාඩු නොතකා, ඔබ තවමත් ඔහුට ආදරෙයි, ඒ ඔහුගේ විස්මිත ලක්ෂණ ඔහුගේ වැරදි අභිබවා යන නිසයි. ඇත්ත වශයෙන්ම, ඔබ දෙදෙනා මුළුමනින් ම වැරදි සිදුවෙන මනුෂ්‍යයන් බව පිළිගැනීමෙන් ඔබේ සම්බන්ධතාව වඩාත් ශක්තිමත් වෙනවා.

 

ඔහු ඔබට ආරක්ෂිත හැඟීමක් ඇතිකරයි

කුමක් සිදුවුනත් ඔබ ඔහුගේ ආදරය තුළ සුරක්ෂිත බව ඔබට දැනෙන්න දෙනවා නම් ඔබේ සැමියා ඔබේ ආත්මීය සහකරු වෙනවා. ඔහු යහපත් සැපයුම්කරුවෙක් පමණක් නෙවෙයි, ජීවිතයේ දුෂ්කර කාලවලදී ඔබට උපකාර කිරීමට තරම් ඔහු මානසිකව පරිණත වූ පුද්ගලයෙක්.

සෑම් ඕ. නැමති මව , තම ස්වාමි පුරුෂයා “දෙවියන්ගෙන් තෑග්ගක්” බව ඇය දැන සිටින බව පවසනවා.  ඒ ඔවුන්ට ප්‍රීතිමත් සබඳතාවක් ඇති බවත්, ඇයගේ දරුවන්ට හොඳ පියෙක් බවත් ඇය දැන සිටින නිසා බවයි පවසන්නේ.

 

ඔහුගෙන් තොර ජීවිතයක් නොලැබේ.

ඔබට ඔබේ සැමියා නොමැතිව ජීවත් නොවිය හැකි ආකාරයටම, ඔබේ ස්වාමි පුරුෂයා ඔබේ ආත්මීය සහකරු නම් සැබැවින්ම ඔහුට ඔබව අවශ්‍ය වේ. සම-යැපෙන්නෙක් වීම හෝ ඔහුගේ ලගින් ඔබ පැය විසිහතරම දින හතම නැතිව බැරි බවක් මින් අදහස් වෙන්නේ නැහැ. සරලව ඉන්  අදහස් වන්නේ ඔබ වෙන්ව සිටින විට, ඔබ සැමවිටම ඔහුගේ සිතුවිලි තුළ සිටින බවයි.

ඔහුට තේරුනත් නොතේරුනත් ඔහු දකින සෑම සිහිනයක්ම ඔහු ගන්නා සෑම තීරණයක්ම ඔබට බැදි ගැඹුරු පෙමින් උද්දීපනය වෙනවා නම් ඔහු ඔබේ ආත්මීය සහකරු වෙනවා. අවසාන වශයෙන් ඔබේ සැමියා ඔබේ ආත්මීය සහකරු ලෙස වැළද ගන්න එවිට ජීවිතය තවත් සුන්දර වේවි..

 

 

 

(අන්තර්ජාලය ඇසුරින්)

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2019 17:24
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්